කඩයක ආදායම 166,000 නම් බදු ගෙවීම අනිවාර්ය කරයි

වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබේ. මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12,000ත් 13,000ත් අතර සංඛ්‍යාවක් පවතින එම සංඛ්‍යාව මේ වසර තුළ 50,000ක් ඉක්මවා යනු ඇතැයි රජයේ බදු අංශ අනුමාන කර තිබේ.

මේ අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 60ක් උපයන පුද්ගලයන් සියලු දෙනාද බදු ගෙවීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

මෙය මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මෙම බදු අයකිරීම ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේදී සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *