අලු‍ත් අවුරුද්දට ඩොලර්.මි. 470.6ක රෙදි ලංකාවට ගෙන්වයි

මෙම වර්ෂයේ (2024) ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී මෙරටට රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 383.4ක මුදලක් වැය කර තිබුණි.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 87.2ක මුදලක් හෙවත් සියයට 22.7ක මුදලක් වැඩිපුර වැය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ පෙබරවාරි මස දී පමණක් වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 246.1කි.

සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් රෙදි පිළි ආනයනය ඉහළ ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *