ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩිසල් මිල ගණන් පහත දැමුනද ඉන් තමන්ට කිසිදු වාසියක් නොලැබෙන බව රියදුරන් පවසනවා.
සුපිරි ඉන්ධන භාවිතා කරනු ලබන්නේ ධනවතුන් බවත්, අඩු කළ යුත්තේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් බවත් ඔවුන් කියා සිටි.
මේ අතර බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩුම වශයෙන් රුපියල් 60කින් අඩුකළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනයේදී මෙවරද සුදු ඩීසල් මිල අඩුකර නොමැති බවයි.