ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි – ගම්පහට මහා ගංවතුර තත්වයක අවදානමක්

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගළු ඔයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා ඉහළ නැග තිබේ.

ඒ හේතුවෙන් අත්තනගලු ඔය දෙපස පහත් බිම නම් වල වෙසෙන ජනතාව දැඩි ලෙස විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ වන විට කාසල්රි ජලාශය ද වසර තුනකට පසු වාන් දැමීමට පටන් ගෙන ඇති නිසා කැළණි ගගේ ජල මට්ටමද ඉහල නගිමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද පස්වරුවේද මෙම ප්‍රදේශයන්ට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *