අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් පහළ දමයි

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල 02වැනිදා සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව පැවැති රතු ලූනු කිලෝවක් රුපියල් 30කින්, රුපියල් 510ක්ව පැවැති කඩල කිලෝවක් රුපියල් 16කින්ද, රුපියල් 210ක්ව පැවැති අර්තාපල් කිලෝවක් රුපියල් 15කින්ද, රුපියල් 935ක්ව පැවැති එල්.එස්.එල් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 10කින්, රුපියල් 200ක්ව පැවැති පාන් පිටි කිලෝවක් රුපියල් 8කින්ද, රුපියල් 43ක්ව පැවති ආනයනික බිත්තරයක් රුපියල් 7කින්ද අඩු කර තිබේ.

එමෙන්ම රුපියල් 195ක්ව පැවති සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් සහ රුපියල් 595ක්ව පැවැති සෝයා මිට් කිලෝවක් රුපියල් 2කින්ද මිල අඩු කර තිබේ.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *