පාසල, හුදෙක්ම පොලොන්නරුවේ පලුගස්දමන මහා විද්‍යාලය වීම නිසා ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රකට විශ්වවිද්‍යාලයකට ආචාර්යවරයෙකු වශයෙන් බදවා නොගත් ඔහු, අද ඇමරිකාවේ ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ උපදේශකයෙකු වශයෙන් පත් කොට තිබේ. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මහාචාර්යවරයෙකි. මහාචාර්ය පැට්රික් මෙන්ඩිස් විසින් ම ප්‍රශ්න කරනු ලබන්නේ, පටු මානසිකත්වයත් කුසලතාවට වඩා පන්තිය, කුලය, රූපය, පාසලේ නම හා උපන් ප්‍රදේශය වැනි අතිශය නොවැදගත් සාධකවලට වැඩි තැනක් ලබා දීමත් හෙතුවෙන් ලංකාවේ සංවර්ධනයක් බලාපොරොත්තු වන්නේ කෙසේද යන්නයි.
ඇමරිකාව වැනි රටක දැන ඇදුනුම්කම් නොමැතිව ඉදිරියට යාමට හැකි වීමත්, සත්‍ය වශයෙන්ම ප්‍රගතිය කරා ගමන් කිරීමට නිසග හැකියාවක් තිබීමත්, ආධානග්‍රාහීව මතවල එලබගෙන නොසිටීමත් එතුමාගේ ජයග්‍රහණයට හේතු වී තිබේ
