ඩොලරය අඩු වීමත් සමග ජංගම දුරකථන මිල පහළ බසියි

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල පහළ යෑම නිසා ජංගම දුරකතනවල මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ මිල අධිකම ජංගම දුරකතනයක් වන අයිෆෝන් ප්‍රෝමැක්ස් කලින් පැවැති මිල රු. 515000ක් පමණ වුවත් එය දැන් රුත 375000කට පමණ මිලට ගත හැකි බවයි.

අනෙකුත් සියලුම දුරකතන පාහේ මිල අඩුව ඇති බව පවසන ඔහු කියා සිටින්නේ, 18%ක වැට් බද්ද නොවේ නම් ජංගම දුරකතන මිල තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

එසේ ම ජංගම දුරකතන උපාංග මිලද සැලකිය යුතු අන්දමින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *