වගා ආයෝජන සමාගම්වල ‘ලියාපදිංචි’ බොරුවට අහුවෙන්න එපා – මහ බැංකුව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම ආයතනය විගණනය කරන බවට ඇතැම් වගා ආයෝජන සමාගම් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවත් එය අසත්‍යයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා බැංකුවේ අදාළ අංශ වෙත එම පැමිණිලි යොමු කර ඇත.

එසේම අදාළ වැවිලි ආයෝජන සමාගම් මුදල් ව්‍යාපාර පනතේ 02 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාර ගන්නේද හෝ මුදල් ව්‍යාපාර කරගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව විමර්ශනය කිරීමට පියවර ගන්නා බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *