ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පසුගිය බ්රහස්පතින්දා සන්ධ්යාවේ දී ද පැවැත් වී ඇති අතර, එම සාකච්ඡාවේ දී ද මහ මැතිවරණය මුලින් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙය, බැසිල් එක්සත් ජනපදයේ සිට පැමිණි පසු ජනාධිපතිවරයා සමග පවත්වා තිබෙන තුන්වන සාකච්ඡාවයි. එම සාකච්ඡාවේ දී ද, මහමැතිවරණය මුලින් පවත්වන ලෙසට බැසිල් ගෙන ආ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්රතික්ෂේප කර තිබේ.