මේ රස්නෙට වතුර බීලා මදි, ජීවනීත් බොන්න – වෛද්‍යවරු දැනුම් දෙයි

පවතින උණුසුම් කාලගුණය නිසා ඇතිවන පිපාසය නිවාගැනීමට ජලය පමණක් පානය කිරීම ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරු කියති.

ඒ සඳහා ජීවනී වැනි පානයක්ද භාවිතා කරන ලෙසත් වෛද්‍යවරු සඳහන් කරති.

උණුසුම් කාලගුණය සහිත පරිසරයේ වෙහෙසවී වැඩ කිරීම නිසා වෙනදාට වඩා අධික ලෙස දහදිය පිටවන බැවින් සිරුරේ පිටවන ලවන ප්‍රමාණයද වැඩිවී ඇතැයි වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය නිසා ඇඟපත තෙහෙට්ටුව, මස් පිඩු වේදනාව වැඩිවී ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා දිනකට ජලය පානයට අමතරව ජීවනී පානය ලීටරයක් පමණ ගැනීම සුදුසු බව වෛද්‍යවරු සඳහන් කරති.

ඊට අමතරව දොඩම්, දෙහි වැනි පානයක් ගැනීම කළ හැකි බවත් ශීත කළ ජලය පිපාසය නිවාගැනීම සඳහා පානය කිරීමෙන් වළකින ලෙසත් වෛද්‍යවරු පවසති.

එසේම පැණි බීම වර්ග පානය හැකිතාක් දුරට අවම කරන ලෙසත් ඔවුහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *