දින 06ක් බාර් වසා දමයි – දින ගැනත් දැනුම් දෙයි


එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

තවද, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් තෙදිනක් මත්පැන්හල් වසා දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *