හිල්ටන්, ශ්‍රී ලංකන් එයාර් ලයින්, ටෙලිකොම් මිලදී ගන්න ලාංකික සමාගමක් ඉදිරියට එයි

ආණ්ඩුව විසින් විකිණීමට සූදානම් වන සියලුම රාජ්‍ය ආයතන මිලදී ගැනීම සඳහා ලාංකිකයන් කණ්ඩායමක් විසින් දේශීය සමාගමක් පිහිටුවා ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව විසින් මේ වන විට විකිණීමට ඉදිරිපත් කර ඇති කොළඹ හිල්ටන් හෝටලයටද ලංසු ඉදිරිපත් කිරීමට මෙම කණ්ඩායම ඉදිරිපත් වී සිටින බව එම සමාගමේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මෙම සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඩොලර් බිලියන 01ක ණය ආධාර මුදලක්ද ලබා ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුව විසින් විකිණීමට තීරණය කර ඇති ශ්‍රී ලන්කන් එයාර්ලයින්, ටෙලිකොම් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මෙම ආයතනය ලංසු ඉදිරිපත් කිරීමට නියමිතය.

ට්‍රෙෂරි රිබිල්ඩින් ගාර්ඩියන් ලිමිටඩ් (TRGL) ලෙස නම් කර ඇති මෙම සමාගමෙහි සහභාගිත්වය කාන්තාවක විසින් හොබවන බව පැවසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *