12,13 දවස්වල අරින්න පුළුවන් බාර් ගැනත් දැනුම් දෙයි

අප්‍රේල් මස 13 වනදාට යෙදී ඇති අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළඹෙන 12 සහ 13 යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවේ.2024. 04. 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *