ගාසා තීරයට පාසලක් හදලා දෙනවා – ජනපති දැනුම් දෙයි

ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් වූ පසු එම ප්‍රදේශයේ පාසලක් ඉදිකිරීමට තමන් පොරොන්දු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පලස්තීන රාජ්‍ය බිඳ දැමීමට ශ්‍රී ලංකාව කිසි දිනක සහාය පල නොකරන බවත් පැවසූ ඔහු මෙම යුද්ධය නැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් කියා සිටියේය.ඔහු මේ බව කියා සිටියේ මහනුවර කටුකළේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඉෆ්තාර් උත්සවයකට එක්වෙමිනි.අද වන විට ගාසා තීරයේ ඉතා කණගාටුදායක තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද පැවසූ ජනාධිපතිවරයා මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහසකගේ පමණ ජීවිත එහි අහිමි වී ඇතැයිද කියා සිටියේය.මෙවර ජාතික රාමසාන් උත්සවයද නොපවත්වා එම මුදලද ගාසා තීරයේ ජනතාවට ලබා දුන් බවද හෙතෙම තව දුරටත් එහිදී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *