පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධාන කරන හිමාලයානු ගවේෂණය සඳහා සහභාගී වන විශ්වවිද්‍යාලයීය සිසු පිරිස පෙරේදා (08) දිවයිනෙන් පිටත් වූහ. අප්‍රේල් 08 වැනි දින සිට මැයි 09 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන මේ හිමාලයානු ගවේෂණ කණ්ඩායමට කණ්ඩායම් නායක ලෙස ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ජේ. ඒ. හර්ෂ ධර්මප්‍රිය ද සෙසු සාමාජිකයන් ලෙස ආර්.එම්.ටී.ටී.බී. සමරකෝන් (විද්‍යා පීඨය), එච්.එම්.සී.එස් මඩවෙල (ඉංජිනේරු පීඨය), ඩබ්ලිව්.එච්.එම්. ඩිල්ෂාන් (කලා පීඨය), එම්.ඒ.සඳුනි කාංචනා (ඉංජිනේරු පීඨය) සහ එම්.එම්.එච්.ආර්.බී. මාන්නප්පෙරුම (කෘෂිකාර්මික පීඨය) යන අය එක්වෙති.
එම කණ්ඩායමට සෙත් පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කිරීමේ පින්කමක් පෙරේදා (08) පෙරවරු 8.00ට විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර පරිශ්‍රයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත්, ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය ජගත් ගුණතිලක මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. හිමාලයානු ගවේෂණයට එක්වන කණ්ඩායමේ නිල ඡායාරූපය ගැනීම හා එම පිරිසට නිල වශයෙන් විශ්වවිද්‍යාලයේ ශුභාශිංසන එක් කිරීම ද මෙහි දී සිදු කෙරිණි.