ආහාර සැරසිලි කොළ දස ගුණයකින් මිල පහළට – බ්‍රොකොලි කිලෝව 3000 සිට 300 දක්වා පහළට

සංචාරක හෝටල්වල ආහාර සැරසිලි කටයුතු සඳහා යොදා ගන්නා සලාද ඇතුළු විවිධ කොළ වර්ගවල මිල ගණන් පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව මේ දිනවල දස ගුණයකින්න පමණ අඩුවී තිබේ.

රුපියල් 4,000 කට අලෙවි කෙරුණු බ්‍රොකොලි කිලෝවක් රුපියල් 300 ක් දක්වාද, රුපියල් 3,000 කට අලෙවි කෙරුණු රෙඩ් කැබේජ් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වාද, රුපියල් 1500 කට අලෙවි කෙරුණු සලාද කිලෝවක මිල රුපියල් 50 ක් දක්වාද, රුපියල් 1800 කට අලෙවි කෙරුණු අයිස්බර්ග් කිලෝවක මිල රුපියල් 150 ක් දක්වාද අඩුවී තිබේ.

මීට අමතරව රුපියල් 350 කට අලෙවි කෙරුණු කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 80 ක් දක්වාද, රුපියල් 1700 කට අලෙවි කෙරුණු රතු සලාද කිලෝවක මිල රුපියල් 250 ක් දක්වාද අඩුවී ඇත.

මෙම කොළ වර්ගවල සැපයුම ඉහළ මට්ටමක පැවැතියත්, සංචාරක හෝටල් සඳහා ඉල්ලුම අඩු බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.

නුවරඑළිය නගරයේ සංචාරක හෝටල්වලින් දිනකට සලාද ඇතුළු කොළ වර්ග කිලෝග්‍රෑම් 2000 ත්, 3000 ත් අතර ප්‍රමාණයකට ඉල්ලුමක් පවතින බවද නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *