මාර්තු 31 වනවිට පමණක් අවුරුද්දට පිටරටින් ඇදුම් ගෙන්න ඩොලර් මිලියන 470් වියදම් කරයි

2024 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු 31 වන දා කාලය තුළ මෙරටට රෙදි පිළි සහ උපාංග, ඒ සඳහා යොදා ගන්නා ඩයි කිරීමේ තීන්ත වර්ග සහ උපාංග  ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6 ක  මුදලක් වැය වී ඇති බව මහ බැංකුව විසින්  අප්‍රේල් මස 08 වන දා  නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනයකින්  හෙළි කර ඇත.

ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා කාල සීමාවේ දී රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන  383.4 ක මුදලක් වැය කර තිබූ බව  මහ බැංකු වාර්තාවේ  සඳහන් වේ.

 ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස 03 කට  සාපේක්ෂව  2024 වර්ෂයේ මුල් මාස 03 තුළ දී රෙදි පිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන  87.2 ක මුදලක් ගෙවා ඇත. රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේ පමණක් වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන  246.1 කි.

මෙම වර්ෂයේ රටේ යහපත් වාතාවරණයක් පැවතීම හේතුවෙන් සිංහල අවුරුද්ද  සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සහ මහජන චීනයෙන් මෙරටට රෙදිපිළි ආනයනය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *