වාහන ආනයනය ලබන වසරේ සිට අරඹන්න හැකියාව ලැබෙයි

එළැඹෙන වසර වන විට වාහන ආනයනය කිරීමේ හැකියාව විවෘත වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

කෑගල්ලේදී ඊයේ (10) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“රට තුළ දැනට පවත්වාගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකර ආරක්ෂා කරගෙන ගියහොත් එලෙස වාහන ආනයනය කළ හැකියි. රටේ අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රමක්‍රමයෙන් මෙම වෙළෙඳාම විවෘත කිරීමට සූදානම් වෙනවා..

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා විදියට ගෙන ආ වැඩපිළිවෙළ ගැන මට විශ්වාසයක් තිබෙනවා. 2022න් 2023ට එද්දී, ඉන් 2024ට ධනාත්මක ගමනක් ඇවිත් තිබෙනවා. එමනිසා මට විශ්වාසයි 2025ට එද්දී මිටත් වඩා හොඳ වෙයි කියලා. සංචාරකයන්ගේ පැමිණීම ඉතා විශාල ලෙස වර්ධනය වෙලා. ඒ ගැන සතුටුවිය යුතුයි. සාමාන්‍ය නීතියක් තියෙනවා අවුරුදු 6කට වඩා පැරැණි වාහන සංචාරකයන් සඳහා භාවිත කරන්නේ නැහැ කියලා. ඒ නිසා කැබිනට් මණ්ඩලය අනුමත කළා බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් සංචාරක කර්මාන්තය සඳහාම ගෙන්වන්න. මේ වගේ ක්‍රමක්‍රමයෙන් රටේ අවශ්‍යතාව හඳුනාගෙන වෙළෙඳාම විවෘත කරන්න සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *