එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.
ඒ අනුව හාල්මැස්සන්, බී ලූණූ, පාන් පිටි සහ සුදු කැකුළු සහල් මිල අඩු කර ඇත.
පහත සදහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර, දිවයීන පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (11) සිට ලබා ගත හැක.