ගිනිගත්හේන මැදි විදුහලේ සිසුන් මෝටර් රථයක් නිපදවයි

හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මැදි මහා විදුහලේ 13 ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් නිපදවා තිබේ.

ගිනිගත්හේන මැදි විදුහලේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ආචාර්ය ඉන්දික කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරන කළණ කෞශල්‍ය සිසුවාගේ නායකත්වයෙන් යුත් සිසුන් කණ්ඩායමක් විසින් එම මෝටර් රථය නිපදවා තිබෙන අතර එම රථය ජීසියන්ස් බ්ලැක් බුලට්(Gcianz Black Bullet) ලෙස නම් කර ඇත.

තම විදුහලේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙවැනි මෝටර් රථයක් නිපදවූ ප්‍රථම අවස්ථාව මෙය බවද එම මෝටර් රථය නිපදවු කණ්ඩායමේ නායක කළණ කෞශල්‍ය සිසුවාට මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබද විශේෂිතවූ දැනුමක් හා හැකියාවක් තිබෙන බවද ගිනිගත්හේන මැදි විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

මෙයට පෙර තෝරාගත් දිවයිනේ නව නිපැයුම් කරන ලද පාසල් සිසුන් 10දෙනා අතර ද ගිනිගත්හේන මැදි විදුහලේ සිසුන් දෙදෙනකු ද ඇතුළත් බවත් තම විදුහලට ද කිර්තියක් ගෙනෙමින් එවැනි සිසුන්ගේ නිර්මාණශීලී දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බවද එම විදුහල්පතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *