විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම පසුගිය වසරට සාපේක්ෂව 8.7%කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 15361ක් ලැබී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1432.2 ලෙස සටහන් වෙයි.