රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන් කල රථය ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

One thought on “රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන් කල රථය ගිනි ගනියි

  1. දැන් පරණ වාහනය අයින් කරලා අලුත් එකක් ගන්න පුළුවන් නේ.මේවා ලස්සන ප්ලෑන්.අලුත් වාහන ඔහොම හදිසියේ ගිනි ගන්නේ කොහොමද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *