දෝනි ඇවිත් මාව සංසුන් කලා,ඒකෙන් විශ්වාසය ආවා – මතීෂ පතිරණ සාර්ථක වීමේ රහස කියයි

2024 ඉන්දී‍ය ප්‍රිමිය ලීගයේ කාගෙත් කතබහට ලක් වූ තරගයක් පෙරේදා පැවැත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නයි සුපර් ලිංග්ස් කණ්ඩායම අතරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිවහන වූ වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත් වුණ මෙම තරගයෙන් අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේදී තරගයේ වීරයා බවට පත් වුණේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණයි.

ඔහු ලකුණු 28කට කඩුළු 4ක් ලබා ගැනීමට සමත් වුණා.මෙම තරගයෙන් අනතුරුව මතීෂ මෙම දක්ෂකම සම්බන්ධව අදහස් පළ කර තිබුණේ මෙහෙමයි.

“අපි පවර්ප්ලේ එකේ පන්දු යවද්දී මම හොඳටම කලබල වුණා, ඊට පස්සේ දෝනි බායි ඇවිත් මාව සන්සුන් කළා, මට විශ්වාසයක් ඇති කළා,” යනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *