ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා ගොස් ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගිය දා දේශීය වෙළදපොලෙන්ද ශ්‍රී ලංකා මහ බැංකුව විශාල ලෙස ඩොලර් මිලදී ගෙන තිබුණි.
ඩොලර් හිගය හේතුවෙන් පසුගිය වසරේ දී භාණ්ඩ දහසක් පමණ ආනයන කිරීම නවතා තිබුණු අතර, මේ වන විට ආනයනය තහනම් කර තිබෙන්නේ වාහන සදහා පමණක් බව අමාත්‍යවරයා පවසයි.
වාහන ආනයන තහනමද ඉදිරියේ දී ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
සංචාරක කර්මානතය සදහා අවශ්‍ය වෑන් රථ 750 ක් සහ බස් රථ 250 ක් ආනයනය කිරීමට රජය දැනටමත් අවසර දී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.