වත්තේ වැටිලා තිබුණු වයරකින් විදුලි සැර වැදී පාලිත මිය ගිය බව අනාවරණය වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වෙයි. 

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම සිද්ධිය පැහැදිලි කළේ මෙලෙසිනි,

“ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ.  ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *