කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි හිරේට යවයි

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *