රට තුළ ගෑස් පෝලිම් නිර්මාණය වී තිබුණු 2022 වසරේ දී, ගෑස් මිලදී ගැනීම සදහා ලෝක බැංකුව මගින් ලබා දී තිබුණු ආධාර අවභාවිතා කරමින්, ගෑස් මිලදී ගැනීමේ ටෙන්ඩරය, අඩු මිල ලන්සුකරුට ලබා නොදී වැඩි මිල ලන්සුව ඉදිරිපත් කළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති විය.
මෙකී ආන්දෝලනාත්මක ගනු දෙනුව සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත එදවස වාර්තා කර තිබුණේ, ටෙන්ඩරය ලබා දී තිබෙන – වැඩි මිල ඉදිරිපත් කළ සමාගම – එවකට පැවති රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හිතවතෙකුට අයත් එකක් බවයි.
ගෑස් සැපයීම සදහා මිල ගණන් කැදවීමේ දී අඩුමිලක් ඉදිරිපත් කර තිබුනේ සියෑම් ටේ්‍රඩින් නමැති සමාගමකි. එකී සමාගමට ටෙන්ඩරය ලබා දීමට ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලැබී තිබිය දී ත්, එය අවලංගු කර වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ ඕමාන් ටේ්‍රඩින් නමැති සමාගමට අවසානයේ ගෑස් ටෙන්ඩරය ලබා දී තිබුණි.
ඒ සදහා එවකට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී ඇති බවට චෝදනා එල්ල විය.
සියෑම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 99 කට ලබා දීමට එකග වී තිබිය දී ටෙන්ඩරය ලබා දී තිබෙන්නේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 118.23 කට ලබා දීමට එකග වූ සමාගමටයි.
මෙම ගනුදෙනුව මගින් රුපියල් කෝටි 114 ක පාඩුවක් රජයට සිදු වී ඇති බවට චෝදනා කරමින්, “අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” සහ “සිවිල් සංවිධාන එකමුතුව” අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව අල්ලස් කොමිසම අදාල විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇත-ුළු බලධාරීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුනේද “අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය ” සංවිධානයයි.