ගෝඨාභයගේ වාහනය පියුමි හංසමාලී ළග – නීති විරෝධී වත්කම් හොයන විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කිරීමට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිව යොදාගෙන ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසනවා. 

නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට අද (17) පැමිණි ඔහු ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පියුමි හංසමාලි අතිසුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවත්, ඇයට මෙතරම් මුදල් සම්භාරයක් ලැබී ඇත්තේ මෙම කළු සල්ලි සුදුකිරීමේ ජාවාරම හරහාද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකළ යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *