පාසල් සිසුන් අතර ඒඩ්ස් රෝගය වේගයෙන් පැතිරෙයි


මේ වසරේ ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ජානකි විදානපතිරණ පවසා තිබෙනවා.

මෙම ආසාදිතයන් අතර පාසල් සිසුන් ද සිටින බැවින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15- 24 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

එසේම ඇය පවසන්නේ ඒඩ්ස් රෝගීන් සඳහා මේ වන විට ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බවයි.

එම ඖෂධය භාවිත කිරීමෙන් 2030 වසර වන විට ඒඩ්ස් ආසාදිතයන් ගණන 0.001 දක්වා අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට සඳහන්.

මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සියලු පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරන බැවින් ජනතාවට අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *