නාසා හි ශ්‍රි ලාංකික විද්‍යාඥ පියුමිව අගහරු තරණ මෙහෙයුමට පුහුණු කිරීමට තෝරා ගනියි


නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන කණ්ඩායමක පෙර පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික තරුණියක් වන පියුමි විජේසේකර තෝරාගෙන තිබෙනවා.

නාසා ආයතනය විසින් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සකසන ලද වාසස්ථානයක මෙම පෙර පුහුණුවීම් සිදු කිරීමට නියමිතයි.

මෙම පෙර පුහුණුවීම් සඳහා හතරදෙනෙකු තෝරාගෙන ඇති අතර, එම හතදෙනා අතරටයි පියුමි විජේසේකර නම්කර ඇත්තේ.

මේ කණ්ඩායම මැයි 10 වනදා පෙර පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර, ඔවුන් දින 45ක් කාලයක් ගගනගාමීන් මෙන් කටයුතු කිරීමට නියමිතයි.

කැලිීෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන පියුමි දැනට නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *