සංචාරකයාගෙන් වඩේ එකටයි ප්ලේන්ටියටයි රුපියල් 800ක් ගත් කළුතර මුදලාලිත් අත්අඩංගුවට ගනියි

වඩේ එකක් සහ ප්ලේන්ටියක් සදහා මෙරට සංචාරයට පැමිණ සිටි විදේශිකයෙකුගෙන් රුපියල් අට සියයක මුදලක් ඉල්ලා සිටි හෝටල්කරු මොරගල්ල සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වීඩියෝව පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබුණි.

එය, මෙරට සංචාරය සදහා පැමිණෙන සංචාරකයන් සූරා කන කූට වෙළන්දන් පිළිබදව හෙළි කරමින් මෑතක දී ප්‍රචාරය වූ දෙවන වීඩියෝවයි.

මෑතක දී කොත්තු රොටියක් සදහා අසාධාරණ මුදලක් අය කළ වෙළෙන්දෙක්වද අත්අඩංගුවට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *