මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
බුලත් කොළයක් රුපියල් 10ත් 15ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරේ. ආර්ථික මධ්‍යස්ථානවල බුලත් කොළ 100ක් රුපියල් 400ත් 500ත් අතර තොග මිලකට අලෙවි කෙරෙන අතර, බුලත් කොළ 100ක සිල්ලර මිල රුපියල් 1000කි.
පුවක් ගෙඩියක මිලද රුපියල් 10ත් 15ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත. පුවක් ගෙඩි 100ක තොග මිල රුපියල් 800ක් වේ.