ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් ගන්න සොෆ්ට්ලොජික්,යූනියන් ඇෂුවරන්ස් එයි – ලිට්‍රෝ ගන්න ලාෆ් සමාගමක් ඉදිරිපත් වෙයි

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

 මේ වන විට එක් එක් ආයතනයට අදාළව  ආයෝජකයන්ගේ අභිලාෂ ඉදිරිපත් කර ඇත. එලෙස ඉදිරිපත් කරන ලද අභිලාෂ අතරින් තෝරාගත් ආයෝජකයන්ගේ අවසන් ලැයිස්තුව ද සකස් කර තිබේ.

එහිදී ලිට්‍රෝ සමාගම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම ද අභිලාෂ ඉදිරිපත් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක චයිනා නැෂනල් එරො ටෙක්නෝ, ඉන්ෆිනිටි එන්ජීසී හා කන්සල්ටින් ඉන්ජිනියර්ස් ඇන්ඩ් කන්ට්‍රැක්ටර්ස් යන ශ්‍රී ලංකාවේ ආයතන ද අභිලාෂ ඉදිරිපත් කර ඇත.සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය, තුර්කිය, අරාබිය, මැලේසියාව යන රටවල ආයතන සිය අභිලාෂ ඉදිරිපත් කර ඇත. නමුත් එම ආයතනය සඳහා මෙතෙක් අවසන් ලැයිස්තුව සකස් කර නොමැත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (ජීවිත රක්ෂණ) සඳහා අභිලාෂ ඉදිරිපත් කර ඇති සියලු ආයතන මෙරට තුළ ක්‍රියාත්මක රක්ෂණ ආයතන වේ. ඒ අනුව යූනියන් ඇෂුරන්ස්, ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් යන ආයතන අභිලාෂ ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සඳහා ඉන්දියාව, හොංකොං, ප්‍රංශ ආයතන තුනකින් අභිලාෂ ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් ඉන්දියාවේ ජියො ප්ලැට්ෆෝම් හා හොංකොංහි ගොචූන් ඉ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *