ඉරානයට එල්ල වූ මිසයිලයෙන් ඉන්ධන සහ රත්තරන් මිල වේගයෙන් ඉහළ යයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසයි.

එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.

එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන් වන අතර මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *