ත්‍රීවිල් ගසාකෑම ඉවරයි – මීටර් සවි කිරීම අනිවාර්ය කරයි

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ එළඹෙන ජූලි 01 වැනිදා සිට මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුලත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්ය බවත් අධිකාරිය කියා සිටී.

ජංගම දුරකථන ආධාරයෙන් මගියාගෙන් ගාස්තු අය කරන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් පැමිණිළි 0112860860 යන අංකයට පැමිණිලි කරන ලෙස ද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *