ෆොක්ස් හිල් රේස් අනතුරෙන් මිය ගිය ගණන 07ක් දක්වා ඉහළට – අවු.08ක පාසල් දැරිවියක් මිය යයි

මීට සුළු මොහොතකට පෙර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පවසනවා.

ඔහු සඳහන් කළේ අනතුරින් මිය ගිය දරුවා වයස අවුරුදු 8ක් වන දැරිවියක් බවයි.

මේ වන විට එම අනතුරින් මිය ගොස් ඇති සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බරපතල තුවාල ලබා සිටි එක් තුවාලකරුවෙක් බදුල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *