එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙයි

මෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය  ඍජුව ස්ප්‍රේ කරන බැවින් එම පලතුරු  පැය 72ක් යන තෙක් ස්පර්ශ කිරීම මිනිස් සිරුරට අධිඅවදානම් වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳ සිදුකළ වැඩිදුර විමසීමේදී ඔහු පෙන්වා දුන්නේ සම්මත ප්‍රමාණයට පටහැණිව ආහාර සඳහා අදාළ රසායනිකය අධිකව භාවිත කිරීමට එරෙහිව කටයුතු කිරීම සඳහා ආහාරවල අඩංගු එතෆොන් ප්‍රමාණය පරීක්ෂා කිරීමට අදාළ ප්‍රමාණවත් පහසුකම් රස පරීක්ෂණාගාර තුළ නොමැති බවයි.ඒ අනුව පලතුරු මිලදී ගැනීමේදී අමු පලතුරු ලබාගැනීමට සියලු දෙනා සැලකිලිමත් වීම අනිවාර්‍ය වන බවත්, වෙළෙඳ සැල් තුළ සිට ආහාර ගැනීම අවම කළ යුතු බවත් රත්නායක මහතා අවධාරණය කර සිටියේය.කෘමිනාශකයක්,වර්ධක හෝමෝනයක්,මල් හට ගැන්වීම උත්තේජනය කරන හෝමෝනයක් වන එතෆොන් රසායනිකය ඇතැම් පුද්ගලයන් විසින් ලාභ ප්‍රයෝජනය උදෙසා භාවිත කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් ආරක්ෂිත උපකරණ භාවිත නොකරමින් අනාරක්ෂිත ලෙස එය භාවිත කරනු ලබයි.ඒ අනුව පලතුරු ඉදවිම සඳහා බහුලව එතෆොන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවත්, එම  රසායනික ද්‍රව්‍ය භාවිත කිරිම මෙරට තුළ තහනම් නොමැති බවත් රත්නායක මහතා සඳහන් කළේය.එතෆොන්  මිලි ලීටර් 1ක්, ජලය ලීටරයක් සහ කැල්සියම් හයිඩ්‍රෝක්සයිඩ්/ සෝඩියම් හයිඩෝක්සයිඩ් (Calcium hydroxide/ sodium hydroxide) සමග මිශ්‍ර කර එම දියරය විවෘත භාජනයක් තුළට දමා පලතුරු හා එම දියරය කාමරයක් තුළ තබා කාමරය වසා දැමිය යුතුවෙයි. අනතුරුව  විවෘත භාජනය තුළින් එතිලින් නමැති හෝමෝනය නිකුත් වී පලතුරු ඉදිම සාමාන්‍ය පරිදි සිදුවේ. කෙසේ වුවද අනුමත ක්‍රමවේදයට පටහැනිව නීති විරෝධී ලෙස මෙම රසායනිකය ආහාර සඳහා භාවිත කිරීම මගින් අන් සියල්ලන්ට ප්‍රථම වෙළෙඳ සැල් තුළ සේවය කරන්නන් අවදානමට ලක්වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා  වැඩිදුරටත් අවධාරණය කළේය.

One thought on “එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙයි

  1. සම්මත හෝ අසම්මත හෝ නෙවෙයි පලතුරු ඉදවීම සඳහා කිසිදු රසාරසායනිකයක් භාවිතා කිරීම තහනම් කල යුතුයි . එසේ නොවන්නේ නම් රටට පාලකයන් කුමටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *