ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය.
මින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව හය ලක්ෂ අටදහස් නවසිය විසි පහකි. එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයකි.පසුගිය 2022 වසරේදී තුන් ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැට නවයක් ද පසුගිය වසරේදී දෙලක්ෂ අනූ හත්දහස් හයසිය පනස් හය දෙනකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බව මහාචාර්යවරයා කීවේය.පසුගිය 2023 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් බව පවසන වසන්ත අතුකෝරල මහතා පසුගිය වර්ෂයේදී විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25-34 අතර අය බවද ප්‍රකාශ කළේය.පසුගිය වසර දෙකේදී විදේස් ගතවූ පිරිසෙන් සියයට පනස් පහක් පිරිමි ද සියයට 45 ක් ගැහැනු අය ද වෙති.මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දහ අට ලක්ෂ විසි දහස් හාරසිය හැත්තෑ නවයකි.ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනාදී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.
This is not only ugathun, all sorts of people. It’s due to stagnant Government attitudes, it does everything like selling gas, petrol, rice, electricity, water, everything is under her control. No private sector development as in other countries . Open the economy, close down all govt control of everything, including electricity. Mentality of people must be changed to not to look for govt jobs. . Education is stagnant, all wants do do research? No business attitudes. Huge population, racism. Corruptions, no systems in SL, even can’t conduct elections according to a set time table, say , presidential elections on a particular year, particular month, on a particular date. It’s according to the wish of the incumbent what???? .