දුම්රිය ආසන වෙන් කර ගැනීමට අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි

ස්වේච්ඡා සංවිධානයක් විසින් දුම්රිය ආසන වෙන්කිරීමේ නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී තිබෙනවා.

RDMNS.LK Live Train Alerts Mobile’ යෙදවුම හරහා දුම්රිය ආසන වෙන්කිරීම කළ හැකිය.

ජනතාවට මෙම යෙදවුම හරහා,දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව,ආසන වෙන් කිරීමේ ගාස්තු,දුම්රිය මැදිරිවල ඡායාරූප,ආසන වර්ග,ආසන අංක,එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්,වීඩියෝ දර්ශන,නිතර අසන ප්‍රශ්න,දුම්රිය කාලසටහනවැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

RDMNS LK ජංගම දුරකථන යෙදවුම නොවැම්බර් මස 23 සිට මෙම පහසුකම ජනතාව අතට පත්කර ඇත.

මීට අමතරව මෙම යෙදවුම මඟින් දුම්රිය තිබෙන ස්ථානය, දුම්රිය ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ළඟා වීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාව ද ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *