දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (61) අභාවප්‍රාප්ත විය.
තලවතුගොඩ හෝකන්දර පාරේ සමඟි මාවත, රොම්ස් ලැන්ඩ්, අංක 424 / 01හි පදිංචිව සිටි ඒ මහතා දෙදරු පියෙකි.
චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 21දා උදෑසන 7.00ට ජ්‍යොතිෂ සම්බන්ධ වැඩසටහනකට පිටත්ව යෑමට නියමිතව තිබූ අතර ඊට පෙර සැකසූ කොළ කැඳ පානයක් රැගෙන ඔහුගේ බිරිය චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නිදාසිටි කාමරයට ගොස් අවදි කිරීමට උත්සාහ දැරීමේදී ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතී අසල්වාසීන්ගේ ද සහාය ඇතිව තලවතුගොඩ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ.
එහිදී ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
දේහය තැන්පත් කර තිබූ තලවතුගොඩ පෞද්ගලික රෝහලට ගොස් මෘත දේහය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම මිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය.
මියගිය චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22) සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසියේ පො.කො. (23034) එරංග ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.