ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව ශ්‍රිපාද මාර්ගයේ අද තැන්පත් කරයි

ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරිම  අද (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදි සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසිය.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව පසුගිය 20 වැනි දින මහනුවර සහස් උයන දක්වා වැඩම කල අතර , (21) දින දේව ප්‍රතිමාව නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කෙරිණ.

නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර නාවලපිටිය සිට හැටන් හරහා මවුස්සාකැලේ යුධ හමුදා කදවුර දක්වා වැඩම කර හෙට සමන් දේව ප්‍රතිමාව යුධ හමුදා කදවුරේ සිට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කරවා එහි තැන්පත් කිරිමට නියමිතය.

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, මෙම ප්‍රතිමා නිර්මාණය කිරිම සදහා ගම්පොල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මුල්‍ය අනුග්‍රහය මත මෙය නිර්මාණය කල බවයි කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් කියා සිටියහ සමන් දේව ප්‍රතිමාව වැඩ කල මාර්ගය දෙපස සමන් දේව ප්‍රතිමාව වැද පුදා ගැනිමට විශාල පිරිසක් එක්ව සිටිහ.

image 24 Iri News
image 25 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *