යාපනයේදි ලක්ෂ 16කට සාරියක් වෙන්දේසි වෙයි

යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ.

ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත.

එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම සාරිය රුපියල් ලක්ෂ 16ක මුදලකට මිල දී ගැනීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *