හික්කඩුව මුහුදේ දියවැලකට හසු වුණු යුක්රේන තරුණිය බේරාගන්න ජීවීතාරක්ෂකයින් සමත් වෙයි

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි යුක්රේන ජාතික කාන්තාවක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් ඇය බේරා ගනු ලැබූ බව හික්කඩුව පොලිස් ජීවිත ආරක්ෂකක ඒකකය පැවසීය.

ඇය පෙරේදා (22) හික්කඩුව මුහුදු තීරයේ තම සැමියා සමඟ දිය නාමින් සිටියදී හදිසියේම දිය වැලකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකය දැනුම්වත් කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ වෙරළාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව ඇයව බේරා ගැනීමට කටයුතු කර තිබිණ. අනතුරුව තරුණිය ආරච්චිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *