රිලා ගහනය අඩු කරන්න රිළවියන්ගේ ගර්භාෂය තුළට ලූපයක් ඇතුල් කිරිමේ පේරාදෙණි සරසවි පර්යේෂණය සාර්ථක වෙයි

මෙරට ගොවි ජනතාවට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද විශාල කරදරයක් වී ඇති රිළා ගහනය වැඩිවීමවැළැක්වීම සඳහා රිළවියන්ගේ ගර්භාෂය තුළට ලූපයක් ඇතුළත් කොට ගැබ් ගැනීමවැළැක්වීම සඳහා වූ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් ඉතා සාර්ථකව සිදු කළේය .

රිළවියන්ගේ ගර්භාෂය සඳහා ඉතා කුඩා ප්‍රමාණයේලූපයක්ඒ සඳහා නිර්මාණය කොට තිබූ අතරඑම ලූපය අද (24) රිලවියගේ ගර්භාෂය තැන්පත් කිරීමසිදුකෙරුණි .

එම ලූපය නිර්මාණය කිරීම සඳහා පෙරදෙණියශික්ෂන් රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශය වෛද්‍යවරුන්ගේත්පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේද සාය එහෙම වූ බවපෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පසු ශික්ෂන හා පශු සායනික අංශයේ අංශාධිපතිමහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය .

එම පර්යේෂණය සඳහා එක් වරක් පැටවුන් බිහිකළ වයස අවුරුදු 11/2 පමණවන රිළවියක්එම පර්යේෂණය සඳහා යොදාගෙන තිබූ අතරසැත්කමෙන් පසුවසිදුකළ එක්ස් රේ පරීක්ෂණයේදීඑම ලූපය සාර්ථකව ගරුභාෂය තුළ තැන්පත්ව තිබෙන අයුරුදැක ගැනීමට හැකි වූ බවදංගොල්ල මහතා පැවසීය .

ලූපය රිළවියගේ ගරුභාෂය තුළට තැන්පත් කිරීම සඳහාසිහිසුන් කිරීමට පැය භාගයක පමණගත වූ බවත්සැත්කම සිදු කිරීම සඳහා පැයබාගයක පමණ කාලයක්දගතවන බව ද දංගොල්ල මහතාපැවසීය .

රිළවියක සාමාන්‍ය ජීවිත කාලයේදීපැටවුන් 10-15 අතර සංඛ්‍යාවක් බිහිකරන බවත්ඒ හේතුවෙන්ශ්‍රිලා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවටසියලු පාර්ශව හඳුනාගෙන ඇති බවදමහාචාර්යවරයා පැවසීය .

මෙරට එළවළු හා පලතුරුනිෂ්පාදනයෙන් 20% ක පමණ ප්‍රමාණයක්රිළවුන්ගෙන් හානිවීම හේතුවෙන්ඊට විසඳුම් ඉල්ලාගොවි ජනතාව උද්ඝෝෂණය කරනතත්වයක්ද පසුගිය කාලයේදක්නට ලැබුණු බව පැවසූ දංගොල්ල මහතාරිළවියකට පැයක පමණ කාලයක් තුළදීලූපය තැන්පත් කොටවනයට මුදාහැරිය හැකි බවදදංගොල්ල මහතාඅවධාරණය කළේය .

මෙම පර්යේෂණය සඳහාපශු වෛද්‍යවරුන් වනබී.ජි.එස්.එස් ගමගේ, කේ.පි.අයි.ආර්. කහටපිටිය, පි.බී. අබේරත්න, වනජීවී පරීක්ෂක අනිල් දික්කුඹුර, උපස්ථායකඑම්. එම්. ධනසේකරයන මහත්වරු සහභාගි වූහ .

image 3f86c2e427 Iri News
image 04f257bbf8 Iri News
image a1ca3d9b28 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *