ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා පණපිටින් හමු වෙයි

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ

එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *