ආර්ථික ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගී වාහන අත්හැර දමා ඉතා අඩු පිරිවැයක් සහිත කුඩා වාහන භාවිතය සදහා යොමු වී තිබේ.
අධික ඉන්ධන මිල,සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් මෙසේ කටයුතු කර තිබේ.අධික ඉන්ධන වියදම නිසා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම් සදහ විවිධ උත්සව සදහා සහභාගී වීම ද සීමා කර තිබේ.
මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද බස්රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය වෙතද යොමු වී තිබේ.