ETF සදහා ගෙවනු ලැබූ 9% පොලිය 13%ක් දක්වා ඉහළ දමයි

දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලක්ෂ 27 ක්වූ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවන බවයි.

One thought on “ETF සදහා ගෙවනු ලැබූ 9% පොලිය 13%ක් දක්වා ඉහළ දමයි

  1. ETF නෙවෙයි EPF නේද සේවක අර්ථසාධක අරමුදල EPF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *