වැඩ කරන හැමෝටම විශ්‍රාම වැටුපක් දෙන්න යයි

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඉන් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.

සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. සමගි ජන බලවෙිගය නියෝජනය කරන සමහරු මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන විචිකිච්චාව නිසා සෘජුව එජාපයට එකතු වෙන්නට අකමැති වුවද බහුතර පාක්ෂික පිරිසක් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී සිටින බවද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *