තලවතුගොඩ, හෝකන්දර, කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මාලඹේ, පන්නිපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව පමණක් සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) හයසීයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, මෙම මධ්‍යස්ථාන වහා නියාමනය කළයුතුව ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පැවසුවාය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය. සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) ලංකාව තුළ වෙනත් ක්‍රියාකාරකම්වලට යොදා ගෙන ඇතැයි ද ඇය කීවාය.
අද වනවිට ස්පා විශාල ව්‍යසනයක් බවත්, මෙම ස්ථානය නියාමනය නොවුණහොත් තරුණ පරපුර විශාල සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් සඳහන් කළාය.
මෙම ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියාමනය කළ යුතු බවද ඇය කීවාය.