අනුර – සජිත් කරට කර සටනක – සමීක්ෂණ වාර්තා අනූව අනුරට 44% යි – සජිත්ට 41%ක්

ශ්‍රි ලංකාවේ ජනපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්ව සියයට 2කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇති හිතකරත්වය සියයට 2කින් අඩුවි තිබිම කැපි පෙනෙන සාධකයකි.

කෙසේ වෙතත් මාර්තු මාසය වන විට අනුර කුමාර මහතාට ජනතාවගෙන් සියයට 44ක ප්‍රතිශතකයක් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට සියයට 41ක ප්‍රතිශතකයක කැමැත්ත හිමිව තිබේ.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාවගෙන් සියයට 8ක කැමැත්ත ප්‍රකාශ වි ඇති අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට හෝ ඇයට සියයට 7ක කැමැත්තක් ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය විසින් මෙම සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *